ජාතික සහතිකකරණ අධිකාරියේ මූල සහතික අධිකාරිය ( https://nca.gov.lk/ ) යනු ශ්‍රී ලංකාවේ ඉහළම මට්ටමේ සහතික කිරීමේ අධිකාරියයි. ජාතික සහතික කිරීමේ අධිකාරිය (NCA) යනු ඩිජිටල් සහතික කරණ සේවා සපයන්නන්ට (CSPs) ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමට පහසුකම් සැලසීම සඳහා වන සමස්ත පාලනය මෙන්ම සම්මත සැකසුම් ආයතනයයි.
ශ්‍රී ලංකාවේ පළමු ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මුල්යෝපාය දියත් කිරීම ශ්‍රී ලංකා CERT | CC ආයතන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර මෙය පස් අවුරුදු සැලැස්මක් ලෙස (2019-2023) දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ සෘජුවම ක්‍රියාත්මක වීම සඳහා ශ්‍රී ලංකා CERT | CC, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් වෙන්ව (ICTA) මෙහෙයුම් ස්වාධීනත්වය ලබා ගන්නා ලදි.
අධ්‍යාපන ක්ෂේත්රයේ සයිබර් ආරක්ෂාව හා සම්බන්ද සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වීමට සහ පාසල්වල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් සඳහා දැනුම් වර්ධන ක්‍රියාකාරකම් පැවැත්වීම සදහා අධ්‍යාපන අංශය මුලික කරගත් පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර කණ්ඩායම (EduCSIRT) පිහිටුවන ලදී.
ශ්‍රී ලංකාව, යුරෝපා කවුන්සිලයේ සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියේ (2001 ETS 185) හවුල්කරුවකු බවට පත්විය. මෙය ඓතිහාසික ප්‍රතිපත්තිමය ජයග්‍රහණයක් වූ අතර, ලංකාව දකුණු ආසියාවේ (ජපානයෙන් පසු ආසියාවේ 2 වන රට) සම්මුතියට එකඟ වූ පළමු රට බවට පත්විය.
ශ්‍රී ලංකාවේ මහ බැංකුව සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය සමඟ එක්ව මූල්‍ය අංශයේ පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර කණ්ඩායම (FinCSIRT) සාර්ථකව පිහිටුවන ලද අතර, ශ්‍රී ලංකාවෙි බැංකු හා මූල්‍ය ආයතනවලට බලපාන පරිගණක ආරක්ෂණ සිදුවීම් පිළිබද, සමාලෝචනය කිරීම, සැකසීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම ඔවුන්ගේ ප්‍රදාන කාර්ය වේ. මෙම ආයතනය හරහා නොවිසදෙන ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා CERT ආයතනය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ.
ශ්‍රී ලංකාවේ විවිධ අංශ පදනම් කරගත් CSIRT ආංශික පිහිටුවීමත් සමග, ගෝලීය CERT සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලැයිස්තුගත කිරීමට ඇතුලත්වීම සදහා අනුමැතිය ලබා, ශ්‍රී ලංකා CERT ආයතනය, CERT සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් (Sri Lanka CERT | CC) බවට පරිවර්තනය කරන ලදි.
පරිගණක ආරක්ෂක සිදුවීම් හසුරුවීම සහ සිදුවීම් වැළැක්වීමේ වැඩසටහන් ප්‍රවර්ධනය කරන විශ්වාසදායක පරිගණක සිද්ධි ප්‍රතිචාර කණ්ඩායම්වල ජාත්‍යන්තර ආයතනයක් වන සිදුවීම් ප්‍රතිචාර සහ ආරක්ෂක කණ්ඩායම් (Forum of Incident Response and Security Team) (https://www.first.org/ ) හි සාමාජිකත්වය ලබා ගෙන ඇත.
පරිගණක ආරක්ෂාව සම්බන්ද දැනුවත්භාවය හා නිපුණතාවය වැඩි දියුණු කිරීම සහ ප්‍රධාන තලයේ තොරතුරු ආරක්ෂක සිදුවීම් පිළිබද කටයුතු කිරීමේ ආසියානු කලාපයේ පරිගණක ආරක්ෂණ විශේෂඥයින් ගෙන් සමන්විත වන ආසියා පැසිෆික් පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ගෙන ඇත. (https://www.apcert.org/ )
ශ්‍රී ලංකා CERT ආයතනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අනුබද්ධිත ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලදී.
I have been working with Sri Lanka CERT from the beginning of 2019. All my experiences with them have been very professional and positive. Working under the Cyber4Dev project I have been worked with dozens of different CERTs all over the world and I have to say that Sri Lanka’s CERT is one of the most mature, professional and active. All agreements with them have been held, all employees are very professional and motivated. We have been achieved a lot with this short period. I know that my cooperation with them will continue with the same enthusiasm and I strongly recommend them as a trustful and efficient partner.